BREAKING NEWS
Search

නෑ මචං තමන්ගේ බිරිද ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ… – ඔහු තැබූ ආදරණිය සටහන

32
ලංකාවේ කවුරුත් ආදරේ කරන, නම කියපු සැනින් හැමෝම දන්නා සුපිරි තරුවක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ.

ඉතින් සංගීත් සහ දිනිති කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න හරිම ආදරණීය වගේම කාගෙත් අවධානය දිනාගත්ත යුවළක්නේ.

ඔන්න අද සංගීත් ගැන හැමෝම කතා වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි සංගීත් තමන්ගේ මුහුණු පොතට එකතු කරපු හරිම හැඟුම්බර සටහනක්.

තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න පසුබට නොවන සංගීත්, පිරිමින්ට ආදර්ශයක් දෙන අපූරු කතාවක් මෙන්න මේ විදියට ලියලා තිබුණා…

”නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ….නගින වාහනේට දොර ඇරලා දුන්නා කියලා ලැජ්ජා වෙන්නේ නෑ… මොකද අපේ ලොකු කම් ඕකොම දරාගෙන …බඩගිනි කියන කියන පාරට අහක බලන්නේ නැතුව මොනවා හරි හදලා දෙන්නේ ඒ අත් දෙකෙන් ගුලි ගහලා දාන රෙදි ඉබේ හේදිලා නැමිලා අල්මාරියට එන්නේ ඒ අත් දෙකෙන්, ගෙවල් උනාම වැලි කැටයක් නැති වෙන්න ඕනි බං කියල වෙන උන්ට පොර ටෝක් දෙන අපි , ගෙදර එනකොට ඉබේ අතු ගෑවිලා ක්ලීන් වෙලා තියෙන්නේ ඒ අත් දෙකෙන් ,අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කිව්වම කකුලේ ඉදන් මිරිකන්නේ තවන්නේ ඒ අත් දෙකෙන්, මොන වැඩේ කරලා කීයට ගෙදර එනවා කිව්වත් එකට කන්න බලන් බඩගින්නේ බුදියන්නෙ නැතිව බලන් ඉන්නේ ඒ උබේ ගෑනිනං…..දන නමන්න නෙමෙයි දන ගහලා වැන්දත් පව් නෑ …..මොකද අන්තිමේ උඹට ඉන්නේ එයයි එයාට ඉන්නේ උඹයි විතරයි මචං.”

සංගීත්ගේ මේ ආදරණීය සටහනට දැන් සෝෂල් මීඩියා වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් දෙනෙක් කියන්නේ “හැම පිරිමියෙක්ම මෙහෙම හිතනවා නම් පවුල් ජීවිත කොයි තරම් ලස්සන වෙයිද?” කියලයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *