BREAKING NEWS
Search

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා – නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්

12
මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් පමණක් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබාගෙන රැස් කිරීමට ජනතාව කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත්, එවැනි තත්ත්වයක් පාලනය කර නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා පමණක් QR ක්‍රමය යළිත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *