BREAKING NEWS
Search

ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

8
මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් පවතින තත්ත්වය හමුවේ අනවශ්‍ය ගමන් බිමන්වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, සෑම විටම නිසි සැලකිල්ලෙන් සහ දැඩි සුපරීක්ෂාකාරීව පසුවන ලෙසත් තානාපති කාර්යාලය පවසනවා.

එමෙන්ම, පිරිස් වශයෙන් සාමූහිකව ඒකරාශී වීම්වලින් වැළකී සිටීමට පියවර ගන්නා ලෙසත්, ජෝර්දාන බලධාරීන් සහ තානාපති කාර්යාලය විසින් වරින් වර නිකුත් කරනු ලබන ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ උපදෙස් සැමවිටම අනුගමනය කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තවද, යම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් පහත සඳහන් දුරකථන අංක හෝ ඊමේල් ලිපිනය හරහා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසත් දන්වා සිටිනවා.

වැඩ බලන දූත මණ්ඩල ප්‍රධානී: 00962 781365773

කොන්සියුලර් නිලධාරී: 00962 781548585

හදිසි ඇමතුම් අංකය: 00962 777313323

ඊමේල් ලිපිනය: [email protected]

මැදපෙරදිග ඇවිලෙන යුධ ගිනි නිසා ජෝර්දානයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් | Jordan Alert For Sri Lankans



Leave a Reply

Your email address will not be published. Required fields are marked *