තමන්ව සිනමාවට හඳුන්වා දුන් කන්නඩ සිනමාව අමතක කළ බවටත්, “කන්නඩ සිනමාවේ ද්‍රෝහියෙකු” ලෙසත් චෝදනා එල්ල වෙද්දී රශ්මිකා මන්දනා නිහඬව සිටියා. තමන්ට විරුද්ධව තහංචි පැනවීමට උත්සාහ කළ පිරිස් හමුවේ ඇය කිසිවිටෙකත් වෛරී සහගත ප්‍රකාශ සිදු කළේ නැහැ.
“මම මට විවේචනය කරන අයටත් ආදරෙයි” යන ඇයගේ සුප්‍රසිද්ධ කියමන ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඇය අද වන විට ඉන්දියාවේ ඉහළම වැටුප් ලබන නිළියන් අතරට එක්ව සිටිනවා.
මුල් අවධියේදී ඇයගේ පෙනුම සහ කටහඬ විවේචනය කළ අයට පිළිතුරු දුන්නේ දැඩි කැපවීමෙන් තම ශරීරය සහ රංගන හැකියාව වර්ධනය කරගනිමිනි.
විවාහ ගිවිස ගැනීමෙන් පසු බිඳී ගිය රශ්මිකා සහ කන්නඩ නළු රක්ෂිත් ෂෙට්ටි අතර තිබූ සබඳතාවය පිළිබඳව දැන් ඇසෙන්නේ මෙවැනි කතාවක්. මොවුන් දෙදෙනා ප්‍රථම වරට මුණගැසුණේ 2016 වසරේ රශ්මිකාගේ මංගල සිනමා පටය වූ ‘Kirik Party’ රූගත කිරීම් අතරතුරදීයි.
2017 වසරේදී ඔවුන් විවාහ ගිවිසගත් අතර, එවකට රශ්මිකාගේ වයස අවුරුදු 21කි.
රක්ෂිත් එවිට 34 වන වියේ පසුවුණා. වසරකට පසුව, එනම් 2018 දී ඔවුන් සිය සබඳතාවය නතර කිරීමට තීරණය කර තිබූ අතර, රක්ෂිත් ෂෙට්ටි සමඟ විවාහ ගිවිස ගැනීම බිඳ වැටීමෙන් පසු ඇයට එල්ල වූ මඩ ප්‍රහාර හමුවේ පවා ඇය සිය හිටපු පෙම්වතාට හෝ ඔහුගේ පවුලේ අයට කිසිදු අපහාසයක් සිදු නොකිරීමට වගබලා ගත්තා.





















