BREAKING NEWS
Search

බිරිඳගේ ඝාතකයා හසුකර ගැනීමට වසර 26ක් පුරා ලේ තැවරුණු කාමරය සුරැකි සැමියෙකු ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න..

281
මේ කතාව අසන ඔබ ඇත්තටම විමතියට පත්වේවි..

ආදරය සහ කැපවීම ඕනෑම බාධකයක් ජය ගන්නා බව ලොවටම පසක් කරමින්, ජපානයෙන් අසන්නට ලැබෙන මෙම පුවත සැබවින්ම හද කම්පා කරවන සුළුය.

මෙය සතෝරු තකාබා (Satoru Takaba) නම් පුද්ගලයෙකු තම බිරිඳගේ ඝාතකයා නීතියේ රැහැනට හසුකර දීම සඳහා දශක දෙකකට අධික කාලයක් තනිවම කළ සටනක කතාවයි. මීට වසර 26කට පෙර, සතෝරුගේ නිවස තුළදීම ඔහුගේ ආදරණීය බිරිඳ අමානුෂික ලෙස ඝාතනයට ලක් වුණා.

නිවස පුරා විසිරුණු ලේ පැල්ලම් සහ බිඳුණු භාණ්ඩ අතර ඇගේ දේහය හමු වුවද, එකල තිබූ තාක්ෂණය අනුව ඝාතකයා කවුරුන්දැයි හඳුනා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට පොලිසිය අසමත් වුණා. කාලයත් සමඟ බොහෝ දෙනෙකුට මෙම සිදුවීම අමතක වී ගියද, සතෝරුට එය අමතක කළ නොහැකි කාරණක්.

බොහෝ අය මෙවැනි ශෝකජනක මතකයන් ඇති ස්ථානවලින් ඉවත් වීමට උත්සාහ කළත්, සතෝරු තීරණය කළේ වෙනත් මගක්. අනාගතයේ දිනක දියුණු වන තාක්ෂණය මගින් තම බිරිඳට සාධාරණය ඉටු වනු ඇතැයි ඔහු දැඩි ලෙස විශ්වාස කළා.

එම නිසා, අපරාධය සිදු වූ කාමරයේ තිබූ කිසිදු භාණ්ඩයක් හෝ ලේ පැල්ලමක් පවා මකා දැමීමට ඔහු ඉඩ දුන්නේ නැහැ. වසර 26ක් පුරා එම කාමරය තිබූ පරිද්දෙන්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 145,000කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4කට අධික) වඩා වැඩි මුදලක් කුලිය සහ නඩත්තු ගාස්තු ලෙස ගෙවා තිබුණා.

අවසානයේ කෙසේ හෝ සතෝරුගේ ඉවසීම සහ කැපවීම අවසානයේ මල්පල ගැන්වුණා. මීට වසර කිහිපයකට පෙර දියුණු වූ නවීන DNA තාක්ෂණය හරහා, එදා එම කාමරයේ තිබී හමු වූ සුළු සාක්ෂි නැවත පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය සමත්වුණා.

එහි ප්‍රතිඵලය වූයේ මුළු ලොවම මවිතයට පත් කරමින් ඝාතකයා හඳුනා ගැනීමයි. සතෝරුගේ බිරිඳව ඝාතනය කර තිබුණේ අන් කිසිවෙකු නොව, ඔවුන්ගේම පැරණි මිතුරියක වූ කුමිකෝ (Kumiko) නැමැත්තියයි. වසර 26ක් සැඟවී සිටි ඇයව කොටු කර ගැනීමට සතෝරු එදා සුරැකි ඒ ලේ තැවරුණු සාක්ෂි ඉවහල් වී තිබුණා..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *