BREAKING NEWS
Search

ඇල්පිටියේ පාසලක සිසුහු 16 ක් හදිසියේ රෝගී වෙති

102

ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවයකට ලක්වී අද(26) ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ අසාත්මිකතාවයට පත්වූ සිසු,සිසුවියන් දහසය දෙනෙකු රෝහල් ගත කළ බව ද පොලීසිය කියයි.

සමේ කැසීමේ අසාත්මිකතාවයකින් මේ සිසුන් පෙලීම නිසා රෝහල් ගත කළ බවද පොලීසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලීසිය  සඳහන් කරයි .

එම විදුහලේ එකම ශාලාවේ පවත්වාගෙන ගිය පන්ති තුනක සිසුන් මේ අසාත්මිකතාවයට ගොදුරුවී ඇති බවත් මේ සිසුන්ගේ සිරුරේ යම් සතෙක් හෝ විෂ ද්‍රව්‍යක් ගෑවීම නිසා මේ ආසාදනය වෙන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *