සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නළු නිළියන් සිය විවාහ මංගල්‍යයන්හිදී පැපරාසීන් (Paparazzi) සහ මාධ්‍යවේදීන්ගෙන් ඈත් වී සිටීමට උත්සාහ කළද, විජේ සහ රශ්මිකා මෙහිදී කටයුතු කරන්නේ වෙනස්ම ආකාරයකට බවයි දැනගන්න ලැබෙන්නේ..
දැඩි මාධ්‍ය තහංචි මධ්‍යයේ වුවද හෝටලය අවට රැඳී සිටින මාධ්‍යවේදීන් සහ පැපරාසීන් වෙනුවෙන් දින තුනක් පුරා දිවා සහ රාත්‍රී ආහාර වේල ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, දැඩි ආරක්ෂාව සහ රහස්‍යභාවය යුතුව සිදුකරන ඒ විවාහ මංගල උත්සවය, ඉතා පෞද්ගලික මට්ටමින් පැවැත්වෙන අතර ඒ වටා සුවිශේෂී ආරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක වෙනවා.
ආරාධිත අමුත්තන්ට පවා උත්සව ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කර ඇති මෙම විවාහයේ, ඡායාරූප හෝ වීඩියෝ පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන යානා පියාසර කරවීම පවා සීමා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ..
බොහෝ නළු නිළියන් මාධ්‍යවේදීන් තමන්ට කරදරයක් ලෙස සැලකුවද, විජේ සහ රශ්මිකා ඔවුන්ව උණුසුම් ලෙස පිළිගැනීම කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා. ආරක්ෂක වළලු නිසා සමීප වීමට නොහැකි වුවත්, මාධ්‍යවේදීන්ටද මෙම උත්සවයේ කොටස්කරුවන් වීමට ඉඩ දීම හරහා ඔවුන් සිය නිහතමානී බව ප්‍රදර්ශනය කර තිබේ.
අතිශය පෞද්ගලික මට්ටමින් පැවැත්වෙන මෙම “Royal Wedding” එක දෙස දැන් මුළු ඉන්දියාවම බලා සිටින්නේ මහත් උනන්දුවකිනි.




















