යතුරු පැදිය විදුලි කණුවක ගැටී සෙබළා මරුට

39

අම්පාර උහන සමන බැද්ද පිරිවෙන ආසන්නයේ උහන ප්‍රදේශයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන අධිවේගි විදුලි රැහැන්  කණුවක වැදිමෙන් පැදිකරු මියගොස්  ඇතැයි පොලීසිය කියයි.

ඊයේ( 25 ) මෙම අනතුර සිදුවි ඇති අතර පසුව මාර්ගයේ ගමන් ගත් මොටර් රථයක තුවාලකරු අම්පාර මහා රෝහලට ගෙනැවිත් තිබේ.

මෙසේ  මියගොස් ඇත්තේ ශ්‍රිලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික බලඇණියේ ආර් එච් උදික  මලින්ද රණසිංහ 22 හැවිරිදි යුධ හමුදා සෙබළෙකි.

මියගිය අය ශ්‍රිලංකා යුද හමුදාවේ මුලතිව් කදවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙක් බව පොලිසිය සදහන් කරයි.

මෙම සෙබළා නිවාඩුවට පැමිණ පොලාන්නරුවේ පුංචි අම්මාගේ නිවසට ගොස් පසුව මහියංගණය තම මිත්තණියද බලා අම්පාර පොල්වත්ත ප්‍ර දේශයට පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *