පන්නල සඳලංකාව ප්‍රදේශයේ ප්‍රමිති තත්ත්ව සහතිකය ව්‍යාජ ලෙසින් මුද්‍රණය කර මහා පරිමාණයෙන් සිදුකළ ටින් මාළු ජාවාරමේ අයකු වරද පිළිගැනීමේදී ඔහුට රුපියල් හැට දහසක දඩයක් නියමකළ කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා එම සැමන් තොගය විනාශ කිරීමට ද ඊයේ (18 දා) නියම කළේය.
එසේ දඩ නියමවූයේ පන්නල ඉරබඩගම ප්‍රදේශයේ මූන්ස්ටාර් නම් සැමන් නිෂ්පාදන ආයතනයක් පවත්වාගන එනු ලැබූ ටෙරන්ස් හේමන්ත නමැත්තකුටයි.
එම සැමන් තොගය බෙදාහැරීමට ඇසුරුම් කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබිණ.
එහිදී කුලියාපිටිය නාගරික කසළ අංගනයවෙත ගිය කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා අදාළ සැමන් තොගය විනාශ කළ අයුරු අධිකරණ නිලධාරීන් සමග නිරීක්ෂණය කළේය.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ




















