BREAKING NEWS
Search

මාස දහයේ බබා අවයව දන්දී වාර්තාවක් තබයි

98

කේරළයේ ළාබාලතම අවයව පරිත්‍යාග කළ පුද්ගලයා බවට මාස දහයක (10ක) ඇලින් ෂෙරින් ඒබ්‍රහම් ළදරුවා පත්ව තිබේ.

ඔහු නිසා පස්දෙනකුට නව ජීවිතයක් ලබා ගැනීමට හැකිව ඇත. මේ මාසයේ මුලදී සිදු වූ අනතුරකින් මොළය මරණයට පත්වීම නිසා ඒබ්‍රහම්ගේ අවයව පරිත්‍යාග කිරීමට මවුපියන් කැමැත්ත පළ කර තිබිණි.

මෙම උතුම් තීරණයත් සමග, ඇලින් කේරළයේ ළාබාලතම අංග පරිත්‍යාගශීලියා බවට පත්විණි. බරපතළ ලෙස රෝගාතුර වූ ළදරුවන් දෙදෙනකු ඇතුළු පස්දෙනකුට ජීවිතයේ දෙවන අවස්ථාවක් ලබාදීමට ඔහුට හැකිවිය. කේරළයේ මල්ලප්පල්ලි හි උපන් ඇලින්, පෙබරවාරි 5 වැනිදා පස්වරු 2.30ට පමණ සිදු වූ මාර්ග අනතුරකින් දරුණු තුවාල ලබා තිබිණි. පෙබරවාරි 13 වැනිදා ළදරුවාගේ මොළය මියගොස් ඇති බව ප්‍රකාශ කරන ලදී.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *