මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතමිට සරු කරගන්නට මඟ බලාගෙන සිටි ඒ සුබ පණිවිඩය දැන් නිල වශයෙන් ලැබී තිබෙනවා.
හෙට පෙබරවාරි 26 වැනිදා උදෑසන වන විට ලංකාවේ ලක්ෂ 7කට ආසන්න පිරිසකගේ බැංකු ගිණුම් වෙත කෝටි ගණනක මුදලක් සෘජුවම බැර කිරීමටයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.
බොහෝ දෙනෙකුට රහසක් වූ මෙම “අමුතු මෙහෙයුම” ක්‍රියාත්මක වන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය යටතේයි.
මෙම මහා මූල්‍ය සහනය හිමිවන්නේ අස්වැසුම ප්‍රතිලාභ ලබන වැඩිහිටි පිරිස වෙතයි.
එහි විශේෂත්වය වන්නේ අදියර දෙකක් යටතේම මෙම මුදල් බෙදා හැරීමයි.
පළමු අදියර: ප්‍රතිලාභීන් 620,025ක් වෙනුවෙන් කෝටි 310කට අධික මුදලක් වෙන් කර තිබේ.
දෙවන අදියර: ප්‍රතිලාභීන් 69,350ක් වෙනුවෙන් කෝටි 3කට අධික මුදලක් වෙන් කර තිබේ.
මෙම මුදල් හෙට (26) දින තුළම අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.
ඒ අනුව හෙට උදෑසන ඔබේ දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩය (SMS) හෝ බැංකු ගිණුම පරීක්ෂා කර බැලීමෙන් තමන්ට හිමි මුදල ලැබී ඇත්දැයි තහවුරු කර ගත හැකියි.
ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසකට මෙම මුදල මහත් අස්වැසිල්ලක් වනු ඇති බව නිසැකයි.




















