සමහරවිට මේ ඇසෙන කතාව ඔබටත් වැදගත් වේවි.
අලුතෙන් වාහනයක් මිලදීගත්ත ඔබ නව අංක තහඩු ලැබෙන තෙක් මග බලාගෙන ද ඉන්නේ..?
අලුතින් ලියාපදිංචි කරන ලද වාහන ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් සඳහා අංක තහඩු මුද්‍රණය ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය මැයි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වාහන ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබුණද, ඒ එකදු වාහනයක් සඳහා හෝ අංක තහඩු මුද්‍රණය වුණේ නැහැ.
මෙවැනි තත්වයක් යටතේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අප්‍රේල් මාසයේ සිට නැවතත් සුපුරුදු පරිදි මේ කාර්‍ය සිදුවන බවයි.
කෙසේ වෙතත් මින් පෙර අංක තහඩු මුද්‍රණයය වසර ගණනාවක් එකම සමාගමක් මගින් සිදුව තිබූ අතර එම සමාගමේ කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා අවසන් වී තිබුණා..
අරුණ පුවත්පත ඇසුරෙන්..




















