සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

233

තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ කෙසේවෙතත් යානයේ සිටි 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවය.

නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම පවසා ඇත.

අදාළ ගුවන් යානය මොගඩිෂු සිට ගුවන් ගත වීමෙන් ටික වේලාවකට පසු තාක්ෂණික ගැටලුවක් වාර්තා කර තිබේ.

එම අවස්ථාවේ සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *