ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකගේ පුතෙකුත් ඒ අතර.. සමාජමාධ්‍ය කැළඹූ රාජගිරිය සිද්ධිය ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

548
සමාජ මාධ්‍ය තුළින් නිතර දෙවේලේ සංසරණය වන මේ වගේ සිද්ධි ගැන බොහෝ දෙනා ඉන්නේ විමසිල්ලෙන්.

මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම මේ වෙනකොට ඇසෙන විශේෂ කතාවක්.

සමාජ මාධ්‍යයේ සංසරණය වන තරුණයෙකුට පහර දෙන වීඩියෝවක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට සවලකින් පහර දෙනු ලබනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ එම සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටි එක් තරුණයෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි  වැලිකඩ ස්ථානාධිපතිවරයා සදහන් කළේ.

එමෙන්ම ජනප්‍රිය නිරූපන ශිල්පිනියකගේ පුතෙකුද ඒ අතර සිටින බව වාර්තා වෙන අතර සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *