BREAKING NEWS
Search

විශ්‍රාමික දුම්රිය රියැදුරකුට නිල නිවසේදී අත් වූ ඉරණම

217

විශ්‍රාමික දුම්රිය  රියැදුරකු බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය නිළ නිවස තුල දී පෙරේදා(03)වන දා රාත්‍රියේ මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල වැලිමඩ පාර ගස්වත්ත හංදිය ප්‍රදේශයේ පදිංචි ව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික දුම්රිය රියැදුරකු ලෙස සේවය කර දැනට කොන්ත්‍රාත් පදනම යටතේ දුම්රිය රියැදුරකු ලෙස සේවය කරමින් සිටි එම්.ජී.ඩී.නිහාල් (66) නැමති තිදරු පියකු යැයි පොලිසිය කීය.

මොහු දුම්රිය රියැදුරකු ලෙස සේවය කරම්න් විශ්‍රාම ලබා පසුව කොන්ත්‍රාත් පදනම යටතේ මීට දින කීපයකට පෙර යලි සේවයට පැමින බදුල්ල දුම්රිය ස්ථානයේ සේවය කරම්න් සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *