BREAKING NEWS
Search

අපූරු සමාව ගැනීම – සමාජ මාධ්‍ය කලබන වීඩියෝව මෙන්න

115

බටහිර ජපානයේ, කෝබේ නුවර පැවැති වොලිබෝල් තරගයක් අතරතුරේ අකරතැබ්බක් සිදුවිය. ඒ 26 හැවිරිදි ජපන් වොලිබෝල් ක්‍රීඩක නිෂිඩා පහර දුන් පන්දුව, විනිසුරුවරියකගේ හිසේ වැදීමෙනි.

එසැණින්, ක්‍රියාත්මක වුණු නිෂිඩා ඇය සිටින තැනට දිව ගොස් පසුව මුණින් අතට ලිස්සා ගොස් හිස පහත් කර විනිසුරුවරියගෙන් සමාව ඉල්ලා සිටියේය.

නිෂිඩාගේ මෙම අමුතු විදියේ සමාව ගැනීමට අදාළ වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී අවසන්ය.

මෙම වීඩියෝවට එක්ස් ගිණුමේ මිලියන 8.5 කට වැඩි පිරිසක් නරඹා ප්‍රතිචාර දක්වා ඇතැයි පැවැසෙයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *