BREAKING NEWS
Search

විභාග ශාලාවේදී අසරණ නොවී දැන්ම චෙක් කරගන්න – අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

5357
මෙවර අපොස සාමාන්‍ය පෙළ (2025/2026) විභාගයට පෙනී සිටින දහස් සංඛ්‍යාත සිසුන්ගේ සහ දෙමාපියන්ගේ අවධානයට අතිශය තීරණාත්මක පුවතක් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
ඒ, විභාග ප්‍රවේශ පත්‍ර (Admission Cards) නිකුත් කිරීම සහ එහි ඇති වැරදි නිවැරදි කරගැනීම සම්බන්ධයෙන්.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ප්‍රවේශ පත්‍රවල නම, විෂයයන් හෝ වෙනත් යම් දෝෂයක් ඇත්නම් ඒවා සංශෝධනය කරගැනීමට අවස්ථාව ලබා දෙන්නේ 2026 පෙබරවාරි මස 10 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණක් බවයි.

එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවත්, එදිනෙන් පසු සිදුවන වැරදි සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වගනොකියන බවත් ඇය අවධාරණය කර සිටිනවා.

පෞද්ගලික අයදුම්කරුවන්: ඔබගේ ප්‍රවේශ පත්‍රය ඔබ ලබාදුන් ලිපිනයට තැපෑලෙන් ලැබෙනු ඇත.

නමුත් තැපෑලෙන් එනකම් ඉන්නේ නැතුව, දැන්ම www.doenets.lk වෙබ් අඩවියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර විස්තර නිවැරදිදැයි පරීක්ෂා කර බලන්න.

වැරැද්දක් ඇත්නම් ඔන්ලයින්ම එය නිවැරදි කරගන්න.

පාසල් අයදුම්කරුවන්: ඔබගේ ප්‍රවේශ පත්‍ර දැනටමත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා අවසානය.

විදුහල්පතිවරුන් විසින් ඒවා ලබාගෙන සිසුන්ට බෙදා දිය යුතු අතර, යම් වැරැද්දක් ඇත්නම් වහාම විදුහල්පතිතුමා දැනුවත් කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එය සංශෝධනය කරවා ගත යුතුය.

පෙබරවාරි 10 සංශෝධන අවසන් වූ පසු, හරියටම පෙබරවාරි මස 17 වන දින දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී විභාගය ආරම්භ වේ.

එය පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අවසාන මොහොතේ විභාග ශාලාවේදී අසරණ නොවී, දැන්ම ඔබගේ ප්‍රවේශ පත්‍රයේ විස්තර චෙක් කරගන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *