විදෙස් යුවළක් ඇතුළු 9ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර

126

අනුරාධපුර – මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් විදෙස් යුවළක් ඇතුළු නව දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබේ.

අනුරාධපුර දෙස සිට කොළඹ දෙසට විදෙස් යුවළක් රැගෙන ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයේ මෙලෙස ගැටී තිබුණි.

එහිදී විදෙස් යුවළ සහ මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, වෑන් රථයේ සිටි සෙසු පිරිස ද ප්‍රතිකාර සඳහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *