කොල්ලුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

202

කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ලක් දෙසට අද (25) අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සංගීත විද්‍යාලය පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටී – 56 ගිනිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාර 15ක් පමණ ඒ දෙසට එල්ල කර ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම විද්‍යාලයේ ඉදිරිපිට හිස් පතොරොම් කොපු ඇති බවට කොල්ලුපිටිය පොලීසියට ලද දුරකථන පණිවුඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය කියයි.

යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනාගෙන් පසුපැදිකරු විසින් එකවරම මෙලෙස ගිනිඅවියකින් ගොඩනැඟිල්ල දෙසට හා ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු එම ස්ථානයේ ඇති CCTV කැමරාවක ද සටහන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, එම වෙඩි තැබීම කුමන අරමුණකින් සිදුකරන ලද්දක් ද යන්න කරුණු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *