රිය අනතුරක් සිදු කර පලාගිය මැදිරිගිරිය NPP ප්‍රා.ස. සභාපතිවරයාගේ රියදුරුට සිදු වූ දේ

108

අනතුරක් සිදු කර පලා යමින් සිටි, මැදිරිගිරිය ජාතික ජන බලවේග ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් කැබ් රථය සහ එහි රියදුරු මැදිරිගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අද (24) දහවල් මැදිරිගිරිය මීගස් වැව මාර්ගයේ දී, අදාළ කැබ් රථය යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදිකරුගේ පාදයට දැඩිව හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔහුව මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කෙසේවෙතත් අනතුර සිදුවීමෙන් පසු කැබ් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර මැදිරිගිරිය දියසෙන්පුර නගරයේදී ප්‍රදේශවාසීන් එක්ව එය නවත්වා රියදුරුට පහරදීමක් ද සිදුකර ඇති බව වාර්තා වේ.

පසුව රියදුරු එම ස්ථානයෙන් පලාගොස් මැදිරිගිරිය පොලීසිය වෙත භාර වී ඇත.

මෙසේ අනතුරට පත්වී ඇත්තේ වයස අවුරුදු 71 වන මහතලාකොළවැව යාය 07 ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය සහ මීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *