BREAKING NEWS
Search

තම සැමියා සහ ඔහුගේ අනියම් බිරිඳ එකට හසු වූ පසු බිරිද කළ හිතාගන්නවත් බැරි දේ

1614

තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධ යකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

සැකකාර කාන්තාවගේ සැමියා තවත් කාන්තාවක සමග පාදුක්ක දේවාල පාර නිවසක සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගොස් තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇතැයි ද පසුව තුවාලකරුවන් දෙදෙනා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව අදාල තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබූ බව ද එම පොලිසියේ උසස් නිළදාරියෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *