නිවාඩුවට ගෙදරට වෙලා හිටපු දුවා දරුවන්ට වගේම, නිවාඩුව නිසා ටිකක් පීඩනයෙන් හිටපු දෙමාපියන්ටත් මෙන්න විශේෂ පුවතක්.
රජයේ පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට, එනම් ජනවාරි 21 වැනිදා සිට නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
පාසල් වාර සටහන මෙන්න:
පළමු වාරයේ – පළමු අදියර: හෙට (ජනවාරි 21) සිට පෙබරවාරි මස 13 වැනිදා දක්වා පාසල් පැවැත්වේ.
කෙටි නිවාඩුවක්: පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 02 වැනිදා දක්වා සිසුන්ට නැවත නිවාඩු හිමිවනු ඇත.
පළමු වාරයේ – දෙවන අදියර: නැවත පාසල් ආරම්භ වන්නේ මාර්තු මස 03 වැනිදා ය. එය අප්‍රේල් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාග කටයුතු සහ අනෙකුත් අධ්‍යාපන සැලසුම් අනුව වාරයන් අදියර කිහිපයකට බෙදා ඇති බවයි වාර්තා වන්නේ.




















