රත්තරං ගන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න ඔබට ලැබුණු නියම අවස්ථාව.
පසුගිය සතිය පුරාම ලෝක වෙළඳපොළේ රන් මිල වේගයෙන් පහළ යමින් පවතින බව වාර්තා වෙනවා.
පසුගිය සතියේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,639ක් වැනි ඉහළ අගයක තිබුණත්, අද (ජනවාරි 17) උදෑසන වන විට එය ඩොලර් 4,594.83ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ එක අවුන්සයකින් සෑහෙන මුදලක් අඩු වෙලා….
සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොළේ මිල මෙහෙම බහිද්දී, ලංකාවේ රන්වෙළඳපොළටත් ඒකේ බලපෑම ඉක්මනින්ම දැනෙන්න ගන්නවා. මංගල උත්සව වලට සහ ආයෝජනය කරන්න රත්තරං ගන්න බලාගෙන හිටපු අයට නම් මේක හොද ආරංචියක් වෙයි.
වෙළඳපොළ ආරංචි මාර්ග කියන්නේ රන් මිලේ මේ අස්ථාවර බව තවත් දින කිහිපයක් පවතින්න පුළුවන් කියලා.

















