BREAKING NEWS
Search

ආනන්තරීය පාපකර්මයක් සිදුකළ නරුම පුතෙක් අත්අඩංගුවට

1946

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක ඊයේ (16) සිදුවූ පහරදීමකින් දෙදරු පියෙකු මරණයට පත්ව තිබේ.

වැඩිමහල් පුත්‍රයා සිදුකළ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තම පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක තිබේ.

මරණකරු වැඩිමහල් පුත්‍රයා සමග මත්පැන් පානය කර ඇති බවත්, ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මරණකරු අවුරුදු 67ක් වූ කඩවත්ගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *