BREAKING NEWS
Search

දුම්රියක් මතට ඉදිකිරීම් දොඹකරයක් කඩාවැටෙයි.. මියගිය ගණන 22දක්වා ඉහළට.. 80කට තුවාල..

416
තායිලන්තයේ අගනුවර සිට ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට ඉදිකිරීම් දොඹකරයක් කඩාවැටීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙන බවත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් වාර්තා පවසනවා.

තවත් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. අනතුර සිදුවන විට දුම්රියේ මගීන් 200 දෙනකු පමණ ගමන් කර තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ බැංකොක් නුවර සිට කිලෝමීටර 230ක් (සැතපුම් 143ක්) ඊසාන දෙසින් පිහිටි නකොන් රැචසිමා පළාතේ සිඛියෝ දිස්ත්‍රික්කයේදීයි.

අනතුරට පත්වන අවස්ථාවේදී දුම්රිය උබොන් රචතානි ප්‍රදේශය බලා ගමන් කරමින් තිබුණා.

අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක වැඩ කරමින් තිබූ දොඹකරයක් අඩි 65ක පමණ උසක සිට මෙලෙස ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්රිය පීලි පැන කෙටි වෙලාවක් ගින්නක් ද හටගැනුණා.

දැනට එම ගින්න නිවා දමා ඇති අතර පුද්ගලයන් මුදාගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *