BREAKING NEWS
Search

දෙදෙනෙකුට මරු කැදවූ රිය අනතුර

169

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂය තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබේ.

තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ නොමැති බව පොලීසිය පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *