BREAKING NEWS
Search

මම බෑම කියද්දී මාව එක්කන් ගියා. එයා මගේ නළල ඉඹලා රූම් එකකට අරන් ගියා – කාන්තාවක් හෙලිකල හිතාගන්නවත් බැරි විදිහේ කතාවක්

6232

“ඉපලෝගම ඕ.අයි.සී. මහත්තයා මම බෑම කියද්දී මාව එක්කන් ගියා. එයා මගේ නළල ඉඹලා රූම් එකකට අරන් ගියා…” යැයි පොලිස් ස්ථානාධිපතිවරයකු සිදු කළ බව කියන නොමනා වැඩක් ගැන කාන්තාවක් ඊයේ (11 දා) එක්තරා මාධ්‍ය වෙබ් අඩවියකට හෙළි කර තිබේ.

“2025/11/28 වැනිදා මගේ කඩේ පෙරලුණා. ඒ වෙලාවේ ඇවිත් බලන විට ඒක පෙරළිලා තියෙන්නේ සුළඟට නොවේ. යම්කිසි පුද්ගලයකු විසින් පෙරළලා කියන හැඟීම ආපු නිසා මම පැමිණිල්ලක් දාන්න ඉපලෝගම රණජයගම පොලිස් ස්ථානයට ගියා. මම ඒ පැමිණිල්ල දාලා ඇවිත් ඊට පස්සේ නැවත ඒ පැමිණිල්ලෙ විභාගයට ගියා. පැමිණිල්ල සාමදාන වෙලා ආපහු එනකොට කඩේ පිටුපස ඉස්කෝල සර් කෙනෙක් හිටියා. එයා කඩේ ඉවත් කරගන්න, කරදරයක් කියලා ඔහු කිව්වා. පැමිණිල්ල දාලා ඒක සමථයකට පත් වුණාට පස්සේ මම ආපහු කඩේ හදන්න ගත්තා. ඒ හදන වෙලාවේ සර් ඇවිත් කඩේ හදන්න එපා කියනවා. ඊට පස්සෙ මා නැවතත් පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියා.

පැමිණිල්ල දාන්න යන වෙලාවේ ඕඅයිසී මහත්තයා පැමිණිල්ල භාර ගත්තා. රෑ 7.30ට විතර මම ගියේ. 9.30 වෙනකම් පොලිසියෙන් මාව එව්වේ නැහැ. මගෙන් විස්තර අහ අහ ඉඳලා එව්වේ. මම රෑ ගෙදර ආවා. පැමිණිල්ල විභාග කරන්නෙ මම. මගේ නම්බරය අරන් යන්න කියා ඕඅයිසී මහත්තයා කිව්වා. සර්ගෙ පෞද්ගලික දුරකථන අංකය මට දුන්නා. ඊට පස්සෙ ඕඅයිසී මහත්තයා විටින් විට කෝල් කරලා කඩේ හදන්න කිව්වා. සඳුදා වද්දී කඩේ අරින්න ඕනෑ. ඒක බලන්න මම එනවා කිව්වා. පස්සෙ සඳුදා උදේ 7.10 වෙද්දී ඕඅයිසී ආවා. ඇවිත් බලලා ගිහින් පස්සෙ උදේට හවසට රෑට කෝල් ගත්තා. මම ඉන්නවා ඕන දේකට බයවෙන්න එපා කිව්වා. එයා මට උදව් කරන්නම් කිව්වා.

2025/12/04 රාත්‍රී 8.00ට විතර දුරකථන ඇමතුමක් දීලා ඕඅයිසී මහත්තයා කඩේ ඇරලද තියෙන්නෙ කියලා ඇහුවා. මං මොකක්ද කියලා ඇහුවා. ඕඅයිසී මහත්තයා කිව්වා මගේ ක්වාටස් එකට කට්ටියක් එනවා. කෑම ටිකක් හදලා දෙන්න පුළුවන්ද ඇහුවා. සර් උදව් කරපු නිසා හදලා දෙන්නම් කිව්වා. සර් 9.35ට විතර කෝල් කරලා පාරට එන්න මම කාරෙකේ එනවා කිව්වා. මම පාරේ ඉන්න කොට සර් දෙපාරක් මාව පහු කරගෙන ගියා. පාරේ කට්ටිය හිටියා. ඒ නිසා නග්ග ගත්තේ නෑ. ඊළඟ පාර එද්දී නගින්න කියලා සර් කිව්වා. පස්සෙ මම නැගලා ගියා. ඒ ගියපු හරියෙ මං මීට කලින් ගිහින් නැහැ. කිලෝමීටර් එකහමාරක් දෙකහමාරක් විතර ගියා. වාහනය කළු ගේට්ටුවක් ළඟ නතර කරලා ඕඅයිසී මහත්තයා ගේට්ටුව ඇරියා. වාහනය ඇතුළට දැම්මාට පස්සෙ මම බැස්සා.

“කෑම උයන්න කිව්වට කව්රුත් නෑනෙ සර් කෑම උයන්න කියලා මං කිව්වා. ගෙයි දොර ඇරලා යද්දී බල්ලෙක් ආවා. ඕඅයිසී මහත්තයා කිව්වා මෙයාව මාස තුනේ ඉඳලා හදන්නෙ කියලා. ඊට පස්සෙ සර් කිව්වා “ඔයා කෑගහන්න එපා කෑගැහුවොත් ඔයාව බල්ලා හපයි කියලා”. මම කෑගැහුවේ නැහැ. සර් කෑම හදන්න නැත්නම් මාව ගිහින් දාන්න කිව්වා. පස්සෙ එයා වොෂ් එකක් දාගෙන එන්න ගියා. ඊට පස්සෙ මම කිව්ව සර් බොරුවක්නෙ කළේ කෑම හදන්න නැත්නම් මට යන්න දෙන්න කියලා. සර් මගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න එපා කිව්වා.

මගේ නළල ඉඹලා එයා මාව කාමරයට එක්කගෙන ගියා. දොර වැහුවා. කෑගහන්න එපා කිව්වනෙ බල්ලා හපනවා කියලා. ඒ නිසා මම කෑගැහුවේ නැහැ. මගේ ඇඳුම් වුණත් එයා බලෙන් තමයි…”

මේ සිද්ධිය වුණාට පස්සෙ ජනවාරි 04 වැනිදා මම කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කළා. අද මට වෙච්ච දේ වෙන කෙනෙකුට නොවෙන්නයි පැමිණිලි කළේ.

මෙම පුවත දසත ලංකා වෙබ් අඩවියේ ද ඊයේ අනාවරණය කර තිබුණි.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එස්. යූ. වුඩ්ලර් මහතා පැවසුවේ මෙවැන්නකි.

මීට මාසයකට පෙර සිදුවී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධ කාන්තාවක ළමා හා කාන්තා කාර්යාංශයට මීට සමගාමීව ප්‍රකාශයක් කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ දැන් ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඇය කර ඇති පැමිණිල්ල සත්‍ය පැමිණිල්ලක් ද අසත්‍ය එකක් ද යන්න ගැනත් පරීක්ෂණ පවත්වනවා. වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ දැඩි විනය පියවර ගන්නවා.

දිවයින




Leave a Reply

Your email address will not be published. Required fields are marked *