BREAKING NEWS
Search

අලුත විවාහ වූ මනාලයා සහ මනාලිය ඇතුළුව අට දෙනෙකු අවසන් ගමන් යයි..

1463
කම්පා කළ අතිශය ඛේදජනක පුවතක් අද (11) අලුයම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරින් වාර්තා වුණා.

පාකිස්ථානයේ අගනුවර පිහිටි නිවසක පැවැති මංගල සාදයකින් අනතුරුව අද (11) අලුයම සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් අලුත විවාහ වූ මනාලයා සහ මනාලිය ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.


මංගල උත්සවයෙන් පසු අමුත්තන් නිවසේ නිදා සිටියදී මෙම පිපිරීම සිදුව ඇති අතර, ඉන් නිවසේ කොටසක්ද කඩා වැටී ඇති බවයි ඉස්ලාමාබාද් පොලිසිය පවසන්නේ.

පිපිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

නගර මධ්‍යයේ පිහිටි නේවාසික ප්‍රදේශයක මෙම අනතුර සිදුව ඇති අතර, අසල පිහිටි නිවාස කිහිපයකටද ඉන් හානි සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම ඛේදවාචකය පිළිබඳව සිය දැඩි ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට උපරිම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තාවේ සඳහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *