BREAKING NEWS
Search

සෙල්ලම් කරමින් සිටි තුන් හැවිරිදි පුංචි මල් කැකුළක් නිවස පිටුපස ළිඳට වැටී මෙලොව හැර යයි! මොහොතක නොසැලකිල්ලේ අවසානය කඳුළකින් නිම වෙයි.

1541
මුළු පවුලක්ම හඬවමින්, තුන් හැවිරිදි මොහොමඩ් රිස්වාන් අයාන් පුංචි පුතා මෙලොව හැර ගියේ මුළු මග්ගොන ප්‍රදේශයම ශෝක සාගරයක ගිල්වමින්.


සෙල්ලම් කරමින් හිටපු දරුවා එකපාරටම අතුරුදන් වීම පිටුපස තිබුණේ කවුරුත් නොහිතපු දරුණු ඉරණමක්.

ඊයේ (07) සවස 4.30 ට විතර මේ දරුවා ගෙදර මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නවා අම්මා දැකලා තියෙනවා. ඒත් ටික වෙලාවකින් දරුවා පේන්න නැති වුණාම කලබල වුණු මව සහ අසල්වාසීන් එකතු වෙලා ප්‍රදේශය පුරාම දරුවාව හෙව්වත් කිසිම හෝඩුවාවක් ලැබිලා නැහැ.

පැය ගණනාවක සෝදිසියකින් පස්සේ, රාත්‍රී 8ට විතර දරුවා නිවස පිටුපස තිබුණු ළිඳ ඇතුළේ ඉන්නවා දැකලා තියෙනවා. අඩි තුනක් විතර උසට බැඳලා තිබුණු මේ ළිඳට දරුවා වැටුණේ කොහොමද කියන එක ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය සැක කරන්නේ, දරුවා ළිඳේ හිටපු මාළුන් බැලීමට ගොස් ලිස්සා වැටෙන්න ඇති බවයි.

ළිඳෙන් ගොඩගත් දරුවා වහාම බේරුවල රෝහලට රැගෙන ගියත් ඒ වෙද්දීත් දරුවා මෙලොව හැර ගිහින්. අද (08) කළුතර නාගොඩ රෝහලේදී පැවැත්වුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ දියේ ගිලීමෙන් හුස්ම ගැනීමට අපහසු වීම නිසා මේ මරණය සිදුව ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *