BREAKING NEWS
Search

කෘතහස්ථ දේශපාලඥයෙකු වූ ඔහු, හදිසියේම රෝහල්ගත කරයි..

2026

මැලේසියාවේ දෙවතාවක් අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ සිය නිවසේදී ඇද වැටීමෙන් පසු ඔහුගේ දකුණු උකුල් ඇටයේ සිදුවූ බිඳීමකට ප්‍රතිකාර ලැබීම සඳහා ඔහු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි.
ක්වාලාලම්පූර් නුවර පිහිටි සිය නිවසේ බැල්කනියේ සිට විසිත්ත කාමරය දෙසට ඇවිද යමින් සිටියදී උදෑසන 7.30 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

ඒ වන විටත් වයස අවුරුදු 100ක් සම්පූර්ණ කර සිටි ඔහු, අනතුරින් පසු වහාම ජාතික හෘද රෝග ආයතනය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

මහතීර්ගේ දීර්ඝකාලීන මාධ්‍ය ලේකම් වන සුෆී යූසොෆ් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ප්‍රතිකාර සහ වෛද්‍ය නිරීක්ෂණ සඳහා ඉදිරි සති කිහිපය තුළ ඔහු රෝහලේ රැඳී සිටිනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *