ඔබත් මේ රෝග ලක්ෂණවලින් වේදනා විඳිනවාද?. කියවා බලන්න ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ප්රයෝජනවත් වේවි..
පර්යන්ත ස්නායු රෝග යනු, ස්පර්ශය, වේදනාව, උෂ්ණත්වය වැනි සංවේදනයන් වලට ප්රතිචාර නොදැක්වීම හෝ දක්වන ප්රතිචාරය අඩුවීම, දහඩිය දැමීම අඩුවීම, පාදවල ඇතිවන වෙනස්කම් (Foot deformities), ඇවිදීමේ හා බර දරාගැනීමේ වෙනස්කම් ආදී ශරීරයේ ආන්තික කොටස්වල සිදුවන ක්රියාකාරිත්වයේ වෙනස්කම් වේ. මේවා ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට හානි වීමෙන් ඇතිවන ආබාධ තත්ත්වයන් වේ. මෙයට හේතුව තුවාල, පද්ධති ආශ්රිත රෝග, ආසාදන රෝග හා ප්රවේණිගත ආබාධ හේතුවෙන් මෙම ස්නායු වලට හානි වීම හෝ විනාශ වීමයි.
පර්යන්ත ස්නායු රෝග යනු පර්යන්ත ස්නායු පද්ධතියට හානි කිරීම එනම් මධ්ය ස්නායු පද්ධතිය (මොළය සහ කොඳු ඇට පෙළ) සහ ශරීරයේ අනෙකුත් සියලුම කොටස් අතර සංඥා යවන විශාල සන්නිවේදන ජාලයට හානි වීමෙන් ඇතිවන රෝග වේ. පර්යන්ත ස්නායු විවිධ ආකාරයේ සංවේදී තොරතුරු මධ්ය ස්නායු පද්ධතියට (CNS) යවයි. එසේම CNS වෙතින් ශරීරයේ සෙසු කොටස් වෙත සංඥා ද රැගෙන යයි
විවිධ වර්ගයේ පර්යන්ත ස්නායු රෝග 100 කට වඩා පවතී. සෑම වර්ගයකටම අනන්ය වූ රෝග ලක්ෂණ සහ විශේෂිත ප්රතිකාර ක්රම ඇත. පර්යන්ත ස්නායු රෝග තවදුරටත් ස්නායු ආශ්රිත හානිය අනුව වර්ගීකරණය කර ඇත. එක් ස්නායුවකට පමණක් හානි සිදු වූ විට Mononeuropathy තත්ත්වය ඇතිවේ.ස්නායු කිහිපයක් හෝ වැඩි ගණනකට හානි වීමෙන් වඩා බහුලව දක්නට ලැබෙන Polyneuropathy තත්ත්වය ඇතිවේ. බොහෝ විට ඒවා වර්ගීකරණය කර ඇත්තේ බලපෑම් ඇතිවූ ස්නායු සංඛ්යාව හා වර්ග අනුව ය.
රෝග ලක්ෂණ සාමාන්යයෙන් ආරම්භ වන්නේ අතේ හෝ පාදයේ ඇඟිලි හිරිවැටීමෙනි. එය පාද හෝ අත් දක්වා විහිදෙන අතර රාත්රියේදී බොහෝ විට දරුණු වන පිළිස්සීම වැනි සවේදනය, හිරි වැටීම, තෙරපීමක් වැනි සංවේදනයක් සහ/හෝ උග්ර වේදනාවන් ඇති කරයි. වේදනාව නියතව දීර්ඝ කාලීනව පැවතීම හෝ වරින් වර ඇති විය හැකි නමුත් සාමාන්යයෙන් වේදනාව ශරීරයේ දෙපැත්තේම අත් දෙකෙහි හෝ පාද දෙකෙහිම සමානව දැනේ. සමහර පර්යන්ත ස්නායු රෝග එක්වරම ඇතිවන වන අතර අනෙක් ඒවා වසර ගණනාවක් පුරා සෙමින් වර්ධනය වේ. පර්යන්ත ස්නායු රෝග වර්ගය අනුව රෝග ලක්ෂණ වෙනස් විය හැකිය.
ස්නායු රෝග බොහෝ විට අත්පත්කරගත් (Acquired), එනම් ජීවිතයේ මුල් කාලයේ සිට හෝ ජානමය වශයෙන් ඇති වූ ඒවා නොවේ. මෙම අත්පත්කරගත් ස්නායු රෝග Symptomatic (වෙනත් රෝගයක් හෝ තත්ත්වයක ප්රතිඵල ලෙස ඇතිවූ, පහතින් දක්වා ඇත) හෝ Idiopathic (නිශ්චිත හේතුවක් නොදන්නා) වේ.
ජානගතව ඇතිවන පර්යන්ත ස්නායු රෝග දුර්ලභ වේ. සමහර පුද්ගලයින් තුළ පර්යන්ත ස්නායු රෝගය ඇතිවීමට හේතුවන කරුණු තවමත් අනාවරණය වී නොමැත – මෙය Idiopathic ලෙස හැඳින්වේ.
රෝගියා සහ රෝග වර්ගය අනුව ප්රතිකාර ක්රම වෙනස් විය හැකිය, පර්යන්ත ස්නායු රෝග සඳහා භාවිතා කරන පොදු භෞත චිකිත්සක ප්රතිකාර ක්රම පහත දැක්වේ.
ඇතැම්විට මෙම පර්යන්ත ස්නායු රෝග හෘද රිද්මයේ වෙනස්කම්, සංසරණ පද්ධතිය ආශ්රිත ගැටළු සහ පාදයේ තුවාල (Foot ulcers) වැනි වෙනත් සෞඛ්යය ගැටළු ඇතිකිරීමට ද හේතු වේ. මෙම සංකූලතා පර්යන්ත ස්නායු රෝගයට බලපාන හේතුව මත රඳා පවතී.
උපුටාගැනීම :DEEGAYU




















