BREAKING NEWS
Search

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු රෝහල් ගත කෙරේ

103

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදෙපෙළ පිතිකරුවෙකු වන ඩේමියන් මාටින් අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව වාර්තා වෙයි.

මෙනින්ජයිටිස් රෝගය උත්සන්න වීම හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව ඇති ඔහු මේ වන විට ක්වින්ස්ලන්ඩ්හි රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 26 වනදා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ක්වින්ස්ලන්ඩ් රෝහලක් වෙත ඇතුළත් කර තිබූ අතර ඉන් අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වී මෙලෙස කෝමා තත්ත්වයට පත්ව ඇති බව සඳහන්ය.

මේ වන විට 54 හැවිරිදි වියේ පසුවන ඩේමියන් මාටින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 67කට, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 208කට සහ විස්සයි20 තරග 4කට ක්‍රීඩා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *