BREAKING NEWS
Search

ලොරි – වෑන් බිහිසුණු අනතුරක් – වීඩියෝව මෙන්න -සංවේදී දර්ශන සහිතයි

639

අද (31) උදෑසන රත්නපුර තිරිවාන කැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පස් දෙනෙක් තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම ස්ථානයේ සිටි පිරිස පැවසීය.

රත්නපුර සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ ගොඩනැගිලි ද්‍රව්‍ය පැටවූ ලොරි රථයක් සහ මොනරාගල සිට හොරණ බලා එමින් තිබූ වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත්තේ අද අලුයම 5.30ට පමණ රත්නපුර තිරිවාන කැටිය ප්‍රදේශයේදී ය.

වෑන් රථය පැදවූ රියදුරා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති අතර වෑන් රථයේ ගමන් ගත් තවත් තිදෙනෙක්ද තුවාල ලබා තිබුණි.

ලොරි රථය වෑන් රථයේ ගැටීමෙන් පසු පෙරළී ඇති අතර මේ හේතුවෙන් ලොරි සහායකයාද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම ස්ථානය නිතර අනතුරු සිදුවන ස්ථානයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

රත්නපුර රථවාහන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *