BREAKING NEWS
Search

කොත්තුවේ සැඟව ආ මාරයා තරුණයෙක් බිලිගනී..

4459
තවමත් ඔහුගේ මරණය බොහෝ දෙනෙක්ට කම්පනයක්.

මේ කියන්න යන්නේ තරුණ ජීවිතයක් උදුරාගත් තවත් එක් කතාවක්.. 


කොත්තුවක් ආහාරයට ගැනීමෙන් පසුව රෝගී වූවා යැයි කියන තරුණයකු ඉකුත් 24දා රාත්‍රීයේ රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ නදීඋයන, බටගොඩ, ගල්පාත පදිංචි කේ. ඩී. මහේෂ් සංජීව නන්දදේව නමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

මියගිය තරුණයා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර පෙර දින රැකියාව නිමවා රාත්‍රි 8.30 ට පමණ නිවෙසට පැමිණ ඇති අතර එන විට කොත්තුවත් රැගෙන විත් තිබූ බවත් එය වැඩිමහල් සහෝදරයා සමග ආහාරයට ගෙන ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබුණා.

ඉන් පසු රාත්‍රී 10.30 ට පමණ ඔහුට වමනය සහ උදරයේ වේදනාවක් ඇති වී ගල්පාත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබාදී හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර එවීමෙන් පසු පසුදින අලුයම් කාලයේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

කොත්තුව ආහාරයට ගත් වැඩිමහල් සහෝදරයාට කිසිදු රෝගී තත්ත්වයක් ඇති වී නොමැති බවද අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහුගේ මරණයට හේතුව ඉන් අනතුරුව අනාවරණය කරගත හැකි බව පොලිසිය පවසනවා.

අඟුරුවාතොට පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *