BREAKING NEWS
Search

විදෙස් ජාතිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරකට

625

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් ඉදිරියෙන් ගමන්කළ කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අද (15) පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇති බව සඳහන්ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිලන් රථයකින් තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *