BREAKING NEWS
Search

කඳපොළ දී අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුමක්

103

පසුගිය දා කඳපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ.

මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේ දී මෙම මෙහෙයුම දියත් කර ඇත.

ඉකුත් 27 වනදා දහවල් එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බව ප‍්‍රදේශවාසීන් පවසයි.

අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *