BREAKING NEWS
Search

ටිපර් රථයේ ගැටී පුංචි මල් කැකුලක් පරවෙයි

322

පෙර පාසල් දරුවන් අට දෙනකු හා කාන්තාවක් ගමන් ගත් ත්‍රීරෝද රථයක සිටි දැරියකගේ හිස  මිල්ලනිය රන්මිනික ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් එම දැරිය මිය ගොස් ඇතැයි මිල්ලනිය ‍පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ පරගස්තොට , බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව  සිටි  අමායා දිව්‍යාංජලී නැමැති සිව් හැවිරිදි දැරියයි

මියගිය දැරිය පවුලේ එකම දරුවා බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

අනතුර සම්බන්ධයෙන් ටිපර් අතර රියදුරු මෙන්ම ත්‍රීරෝද රථ රියදුරුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අල්විස් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *