දැදුරු ඔයේ ඛේදවාචකය – මිය ගිය ගණන ඉහලට

952

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබේ.

ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබේ.

අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණි.

ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන අද පස්වරුවේ ඔහු මෙලෙම මරණයට පත්ව තිබේ.

එමෙන්ම සෙසු පිරිසගේ සිරුරුද පස්වරුවේ සොයාගනු ලැබීය.

අතුරුදන් වූවන් සොයා හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *