BREAKING NEWS
Search

දැදුරු ඔයේ ගිලී තරුණයන් 4ක් අතුරුදන්

430

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් තරුණයන් සිව්දෙනෙකු දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

එහිදී ප්‍රදේශවාසීන් විසින් එක් අයෙකු බේරාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

අතුරුදන් වූවන් සොයා හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *