පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනා ගැන ඇසෙන කතාව

337

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *