මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකු පෙරේදා (18) සවස හදිසියේ රෝගාතුර වී කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මොරටුව පොලිසිය සඳහන් කරනවා.
මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර භාරකරු විසින් මොරටුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මිය ගොස් ඇත්තේ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පසිඳු සුරේෂ් නැමැති සිසුවෙක්.
ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ හතරවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.




















