BREAKING NEWS
Search

කළුතර වෙඩිතැබීමක්

223

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්‍රදේශයේ අද (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

මෙම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත.

වෙඩිතැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකෙරෙන අතර, එම ස්ථානයේ හිස් ජීව උණ්ඩ 2ක් සහ සජීවී උණ්ඩ 2ක් වැටී තිබී යොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කළුතර දකුණ පොලීසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *