BREAKING NEWS
Search

රජයෙන් ගෙවල් 5000ක්. හිමිවන්නේ මේ අයටයි

5753

ඉදිරි වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන විටම පළමු පියවර යටතේ මෙපමණ වැඩ ප්‍රමාණයක් කළ යුතු බව අප තේරුම් ගෙන තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලි සඳහනක් තිබෙනවා.දුප්පත් ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා මූල්‍ය  අරමුදල සමග නැවත සාකච්ඡා කරන බව අප සඳහන් කළා.සහන ලබාදිය යුතු ඉලක්ක සහගත කණ්ඩායම් සඳහා වැඩසටහන් සැකසීමට අප කටයුතු කළා.අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට කටයුතු කළා. සිසුන්  සඳහා වාර ප්‍රවේශ පත් දීමනා වැඩි කළා. සුභසාධන වියදම වැඩි කිරීමට අපි කටයුතු කළා. එක පැත්තකින් අප මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා.ඒ වගේම මූල්‍ය විනය පවත්වා ගැනීමෙන් ලැබුණු ප්‍රතිලාභය ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.මේ වසරේ රැකියා නියුක්තිය සීයට දෙකකින් වැඩි කළා. මේ වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙනවා.අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයේ පව් කරගහගෙන යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *