BREAKING NEWS
Search

අද රෑ විශේෂයි – අමතක කරන්නේ නැතුව අහස බලන්න…

954

වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.

ඒ අනුව, අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බව එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා පවසයි.

චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන අවස්ථා වසරකට කිහිප වරක් දැක ගත හැකි වන අතර ඉලිප්සාකාර කක්ෂයේ දී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම අද දිනයේ පුර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *