BREAKING NEWS
Search

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දිවි සැරිය නිමා කොට වසර විසි එකයි.!

144
අපේ සිංහල සිනමාවේ සක්විති හැටියට නම් කළ හැකි එකම සම්මානනීය රංගන ශිල්පියා වන්නේ ගාමිණී ෆොන්සේකා. ඔහුගේ විසි එක් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ලේ දන්දීමේ පිංකමක් හා කලාකරුවන් කීපදෙනකු අගයන්නට කටයුතු කර තිබුණා.
ඊට ඔහුගේ පුත් දම්මිත් ෆොන්සේකා ඇතුළු කලාකරුවන් පිරිසක් එක්වී සිටියා. එහිදී නිළි රැජණ මාලිනී ෆොන්සේකා වෙනුවෙන් සෙනාලි ෆොන්සේකා වෙතට හා අපේ සිනමාවේ ප්‍රවීනතම නිළියක වන ජීවරාණි කුරුකුලසූරිය වෙනුවෙන් සිනමා නිළි මැණික් කුරුකුලසූරියටද සමරු ඇගැයීම් පිදුණා.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා නළුවෙක් පමණක්ම නෙමෙයි. ඔහු චිත්‍ර ශිල්පියෙක්. ගීත රචකයෙක්. ඒ වාගේම අනගි තිර පිටපත් රචකයෙක් හා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ වාගේම තමයි ඔහු සතුව තිබූ භාෂා දැනුම. ඔහු දමිළ හා ඉංග්‍රීසි භාෂවට තිබුණේ පුදුමාකර නිපුණතාවයක්.
දේශපාලන පොර පිටියේදීත් ගාමිණී නියෝජ්‍ය කතානායකධූරය වගේම උතුරු නැගෙනහිර ආණ්ඩුකාරධූරයත් දැරුවා. එහෙත් අවසාන කාලයේදී ඔහු දේශපාලන පොර පිටියෙන් ඉවත් වී සිටියේ දැඩි කලකිරිමකින්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *