BREAKING NEWS
Search

වසර කිහිපයකට පසු රාජ්‍ය සේවය අලුත් වෙයි

515

රජය විසින් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය 2018 වර්ෂයෙන් පසුව උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන් බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන ‘පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය’ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් හෙට (29) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *