BREAKING NEWS
Search

විශ්වවිද්‍යාල සිසුවෙකුට මරු කැදවූ අනතුර ගැන ඇසෙන සංවේදී කතාව

1044

කඩුගන්නාව ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

එම විශ්ව විද්‍යාල සිසුවා කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ  යතුරු පැදියකින් විශ්ව විද්‍යාලය වෙත යමින් සිටියදී කොළඹ දිසාවට ධාවනය වූ වාහන ප්‍රවාහනය කරන තට්ටු ලොරියක ගැටීම හේතුවෙන් එම ස්ථානයේදීම සිසුවා මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අරනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිවංක පියතිස්ස (24) නැමැති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *