BREAKING NEWS
Search

ධීවරයන්ගේ දුක අහන්න ගිය නාමල්

170

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28)කල්පිටිය, නොරොච්චෝල ඉලන්තිඅඩියේදී ධීවර ප්‍රජාව හමු විය.

එසේම මන්නාරම සිට  නොරොච්චෝල දක්වා මුහුදු සීමාවේ විදේශීය ධීවරයන් විසින් ‘බොටම් ටෝලිම්’ ඇදීම හේතුවෙන් සාගර පරිසරයට කරන හානිය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව මෙහිදී නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කළේය.

විදෙස් ධීවරයන් ලාංකික ධීවරයින්ට කරන තර්ජන හා බලපැම් මෙන්ම  දැල් හා ආම්පන්න වලට කරන හානි සම්බන්ධවත් ලාංකික ධීවර ප්‍රජාවට සාධාරණයක් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *