කඩුවෙල කලබමින් අගේ ගල් ගැට ගැසූ මළ සිරුරක් පාලම යටින් හමුවෙයි

682

ඇඟේ ගල් ගැටගසා වතුර දමා තිබූ මළ සිරුරක් කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී සොයාගෙන ඇත.

අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය.

දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත.

මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත.

නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *