BREAKING NEWS
Search

සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

146

සමාජ මාධ්‍ය මඟින් සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලිසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ෂයක් සහිත ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

මෙම ව්‍යාජ ලිපියෙහි ළමා හා කන්තා අපයෝජන විමර්ශන කාර්යංශයේ පොලිස්පති කාර්යාලය, පොලිස් මූලස්ථානය යනුවෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම හා අධ්‍යක්‍ෂ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය ලෙස ව්‍යාජ අත්සන් සහිත නිල මුද්‍රා යොදා ඇති බව නිරීක්‍ෂණය වේ.

මෙම ලිපිය ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රචාරය කරන ලද්දක් නොවන බව අවධාරණය කරන අතර, මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් ප්‍රචාරය කරන ලද ව්‍යාජ ලිපියක් බව පොලීසිය වැඩිදුරටත් දන්වා සිටිමි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන එම ව්‍යාජ ලිපිය පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *